Showing posts with label Interview. Show all posts

Monday, October 5, 2015

BlackGang Team Interview by Sinhala Rap

BlackGang Team Interview



Black Gang team එක පටන් අරන් දැන් කොච්චර කල්ද? 
දැනට අවුරුද්දයි මාස 3ක් විතර.

මුලින්ම idea එක ආවෙ කාටද?
True Flameට තමයි .

අනිත් අය සෙට් උනෙ කොහොමද? 
මුලින්ම true " Sinhala Rap Rajawaru" කියන group එක හදලා තිබ්බා... ඒකට post දාලා තමයි අනිත් අය සෙට් උනෙ.

Team එකෙ Membersලා ගැන මතක් කලොත්? 
TRUEFLAME - Tharindu Shalinda
ROMA - Romesh Gamage
WASAN - Wasan Dananjaya
GN ERA - Nadika Eranjana
CRAK MARK - Damith Susan
K9 - Nipun Rakshara
JAY EMSEE - Chamara Madushan
GROWN FEED - Nirmal Raveen

දැනට කරලා තියන වැඩ මොනාද? 
දැනට අපි track 10ක් විතර release කරලා තියෙනවා...
Colombo - Crak
Murder Games - Crak
Just Killing Myself - Crak
Kalu Soldaduwo - Wasan, Crak , True
Narumaya - True
Black & White Love - Crak
Rap Heenaya - Jay Emsee
Premaruthaya - Gn Era ft Madavi
Awakashaya - True
Surangana - Crak

අලුතින් එන්න තියන වැඩ මොනාද?
"කිරි අම්මා" කියලා track එකක් තමයි ඊළඟට release වෙන්නෙ...තව දකුණෙ Psychoz එකෙ Mr.D එක්ක ලොකු project එකක් යනවා... අලුත්ම විදිහෙ cypher එකක් එන්න තියෙනවා, ලංකාවේ පළවෙනි වතාවට එහෙම වැඩක් වෙන්නෙ... බලාගෙන ඉන්න ඉස්සරහට...

සිංහල රැප් වලට බනින අයට මොකක්ද කියන්නේ?
1ක් 2ක් අහලා පොදුවේ බැනලා වැඩක් නැ... බනිනවනම් ඔක්කොම අහලා බනින්න ඕනෙ. බනින උන් බැනපුදෙන් පුලුවන් උන් මේ සීන් එක run කරයි. සිංහල රැප් කියන්නේ තේරුමක් තියන සාර්ථක වාග් කලාවක්.

ඔයගොල්ලො වැඩිපුර කැමති සිංහල රැප් team එක මොකක්ද?
මෙහෙමයි, අපිට ඕනෙ සිංහල රැප් ගොඩනගන්න. ඒකට අපිට කල්ලි වාදයක් වැඩක් නැ. අපිට ඕනෙ එක පවුලක් වගෙ මේක ගොඩගන්න. එහෙම තර්කයකින් බලනකොට රැප් කරන් හැම කෙනාම එකම මට්ටමෙ,
අලුතින් එන rapersලටත් අතහිත දීලා මේ ගමන යන්න බලාගෙන ඉන්නවා.

Team එකෙ target එක මොකක්ද?
සල්ලි සල්ලි කියන ලෝකෙ, අතේ සතයක් නැතුව උනත් කන්න නැතුව උනත් මේ rap කලාව කරන්නෙ ඒකට තියන ආසාව නිසයි. ඉතින් අපෙ අරමුණ ඇත්ත ඇති සැටියෙන් ලෝකෙට පෙන්නන එක. ඉතින් අපි ඒකට යොදා ගත්තේ සිංහල රැප් කියන සාර්ථක කලාව.

Sinhala Rap 100% සිංහල Page එකයි site එකයි ගැන මොකද කියන්න තියෙන්නේ?
ලංකාවේ සිංහල රැප් වලට පායපු ඉරක් වගෙ තමයි දකින්නෙ. ඒවගෙම අපි BGF එක වෙනුවෙන් SR එකෙ සහෝදරවරුන්ට බොක්කෙන්ම සුබ පතනවා හෙළ රැප් දියුණු කරන්න කරන try එකට. ඒක ලොකු පිනක්.
"එලම page එකක් බං ලොකු සින් නැති"

එහෙනම් අපේ interview එකට set උනාට උඹලට බොක්කෙන්ම thanks. ඉස්සරහට කරන වැඩ සාර්ථක වෙන්න කියලා සුබ පතනවා!..
Thanks මචං උඹලා දුන්න sup එකට...

Wednesday, September 23, 2015

Dinusha Ranasinghe (Psycho LSD) Interview by Sinhala Rap

Dinusha Ranasinghe (Psycho LSD) Interview




මොකක්ද සම්පූර්න නම
දිනූෂ රණසිංහ

Stage Name එකක් තියෙනවද?...
Psycho LSD

පාසල් ගියේ කොහෙද? පාසල් ජීවිතේ කොහොමද?....
වේලුවන Collage දෙමටගොඩ O/L වලින් අසෝකෙට ගියා.... A/L කරේ ඒකේ...Superb, කරන්න තියෙන හැම මැර වැඩක්ම කරේ  School Life එකේදි තමා... ඒවා අමතක වෙන්නේ නෑ... Special වේලුවන එකේ Life එක... හි,හි,හි...

ගම කොහෙද?...
දෙමටගොඩ... Studio එක දැම්මට පස්සේ ලඟදි ඉදන් ඉන්නේ කඩුවෙල...

රැකියාවක් වශයෙන්ද රැප් කරන්නේ.... නැත්තන් විනෝදාන්ශයක් හැටියටද?...
ජොබ් එකත් Music තමා... මම Private Media එකක වැඩ කරන්නේ... ඒ ගමන් මගේ Studio එකේ වැඩ කරගෙන යනවා...  Life එකම දැන් Music වෙලා... හි,හි,හි...

පොඩි Private ප්‍රශ්නයක්... පෙම්වතියක් ඉන්නවද?...
ඔව්, ඉන්නවා...

එයාගෙන් ලැබෙන Sup එක කොහොමද?...
ජීවිතේට හිතුවේ නෑ Rap seen එකට මෙහෙම Sup එකක් ලැබෙයි කියලා... මම Rap කරන්න ගත්තට පස්සේ එයත් Rap අහන්න පටන් ගත්තා... මගේ Profile එකට වඩා අපේ Song එක Share වෙන්නේ එයගේ Profile එකේ.... Sup එක සුපිරියටම දෙනවා...

රැප් කරන්න පටන් අරන් කොච්චර කල්ද?
මාස 6 යි

ගෙදර අයගෙන් යාලුවන්ගෙන් ලැබෙන Sup එක කොහොමද?...
ගෙදර අයගෙන් Music කිවුවම ඕන Sup එකක් තියෙනවා... යාලුවන්ගෙන් පට්ට එකක් Sup ලැබෙනවා... Special Facebook එකේ සෙට් එකෙන්...

සිංහල රැප් කියන දේ ගැන ඔයා මොකද හිතන්නේ?...
සිංහල රැප් එකම වචනෙන් කියනවා නම් සුපිරි... අද සුපිරිම සුපිරි තැනකට යනවා, මල් සිංදු අඩු වෙනවට මං කැමති, International මට්ටමට එන්න දැනටමත් පටන් අරන් ඉවරයි සිංහල රැප්...

Team එකක් ඉන්නවද?...
ඔව්, Gravediggers

Team එකේ සමාජිකයෝ ගැන මතක් කරොත්?...
අපි යාලුවන්ට වඩා සහෝදරයෝ තුන් දෙනෙක් වගේ, Young D, Steel Black, ඒ දෙන්නගේ  Track එක Produced කරපු මම අද එයාල එක්කම රැප් කරනවා....

ලංකාවේ ඉන්න හොදම රැප කවුද?...
ඇත්තටම එක් කෙනෙක් නැහැ, ගොඩක් අය ඉන්නවා...

එහෙනම් ඔයා කැමතිම කෙනා කවුද? personaly...
මම කැමති හතර දෙනෙක් ඉන්නවා....

කවුද ඒ?...
ලංකාවෙන් කැමතිම Rappersලා, K-Mac, Ravi Jay, Steel Black, Young D

රැප් කරන එක නතර කරනවද?...
හ්ම්ම්ම්ම්.... එහෙම එකක් නැහැ...Life එකම Music වෙලා තියෙන එකේ ඉස්සරහට  හිතලා බලනවා ඒ ගැන, තාම පටන් ගත්තා විතරයිනේ...

Sup එක දුන්න Artistලා කවුද?...
 
Sup  එක දුන්නේ ඉරාජ් අයියා විතරයි....

ඉස්සරහට කරන්න ඉන්න වැඩ මොනාද?
අහ්හ්... ලඟදි අනාථයා එනවා... ඊට පස්සේ මගේ සෝලෝ එකක් එනවා,  ලොකු Project දෙකක් තව කරගෙන යනවා, මේ අවුරුද්ද End එකට කලින් හතරක් එනවා, බලාගෙන Touch එකේ ඉමුනේ... හිහිහි...

රැප් වලට බනින අයට මොනවද කියන්න තියෙන්නේ....
අයියෝ කතා කරලා වැඩක් නැහැ ඒ ගැන නම්... කියන එකාට ඕනේ දෙයක් කියන්න කියා ගන්න කියලා උබලා රැප් කරපන් මචන්ලා, වෙන මොනවා කියන්නද නේ...

අලුතෙන් රැප් කලාවට එන අයට මොනවද කියන්න තියෙන්නේ.......
අපිත් අලුත්, ඒත් අපි කරපු 1st Track එක හොඳ Quality... ගොඩක් අයගේ සිංදු අහලා Idea අරන් කරා, ඒ නිසා එක ගොඩ ගියා... අලුතෙන් එන අයත් කරන වැඩේ හරියට කරන්න, රැපක් කියන්නේ වචන ටිකක් කියලා හිතලා නම් රැප් කරන්න එපා... හරි දෙයක් කරොත් කවුරුත් බනින එකක් නැහැ...

අද සමාජෙ ගැන කියන තියෙන්නෙ මොනවද....
සමාජේ ගොඩක් අසාධාරණයි, හිහිහි...
ඇත්තම කිවුවොත්  ලගදි වුන දේ . සේයාගේ සිද්දියත් එක්ක. ලංකාව ගැන මම ලැජ්ජා වෙනවා.සමජේ ගැන ලැජ්ජයි..

ලංකාවේ දැන් තියෙන දේශපාලනය ගැන මොකද හිතන්නේ.... දේශපාලනයේ මේ වෙන දේවල් ගැන රැපක් කරන්න අදහසක් නැද්ද?...
මේ වගේ ප්‍රශ්න අහන්නත් එපා, ලංකාවේ Politics ගැන කතා කරන්නත් ලැජ්ජයි... මට නම් Politics එපා... හිහි... ඒ ගැන මිනිස්සු කියලම දේශපාලකයෝ හැදෙන්නේ නැත්තම් සිංදු කිවුවම හැදෙයිද නේ?...

දැන් සිංහල රැප් Page ගොඩක් තියෙනවා.... ඒ අතරින් අපේ එක ගැන මොකද හිතන්නේ?...
ගොඩක් ඇති හැමදේම දකින්නේ උබලගේ එකෙන්, ඒකයි වෙන්න ඕනේ... උබලා කරන විදිහ හරි ඒකට සුභ!. උබලා Best, අලුත් අයට sup එක දෙන එකයි වෙන්න ඕනේ...

අපේ Interview Program එකට Set උනාට Thanks... ඉස්සරහට කරන වැඩ Success වෙන්න කියලා Wish කරනවා, ජය!...
අනිවා උබලටත්, Special Milinda පට්ටම sup එකක් දුන්නා මුල ඉදන්ම, and Kadz Thanks මචන්ලා උබලට ජය!...

Monday, September 21, 2015

Silent Killer Interview by Sinhala Rap

Silent Killer Interview

 


මොකක්ද සම්පූර්න නම?
සමනල ශ්‍රීලක් තෙන්නකෝන්

කොහොමද ජීවිතේ... මොනවද ඉතින් මේ දවස් වල වැඩ කටයුතු එහෙම...
පන්දම Track එකේ වීඩීයෝ එක කරනවා... රැප් දෙවියෝ Track එක එන්න තියෙනවා...

පාසල් ගියේ කොහෙද? පාසල් ජීවිතේ කොහොමද?....
ඩී.එස් සේනානායක Collage, Colombo 7... ඇත්තටම ගොඩක් ෆන් දැම්මා... බිග් මැච් කාලේට, ක්ලාස් වල... හැමදාම ෆන්...

ගම කොහෙද?...
පිලියන්දල, කැස්බෑව

රැප් කරන්න පටන් අරන් කොච්චර කල්ද?
2007 ඉදන්... අවුරුදු 8...

රැකියාවක් වශයෙන්ද රැප් කරන්නේ.... නැත්තන් විනෝදාන්ශයක් හැටියටද?...
ජොබ් එක තමා Music..

 
ලගදි නේද Marry කලේ.. Wifeගෙන් ලැබෙන ප්‍රතිචාර එහෙම කොහොමද?...
ගොඩක් සප් එක දෙනවා... ඉස්සර ඉදන්ම අපේ අම්මා මල්ලී ඔක්කොම...

ලංකාවේ රැප් කලාව ගැන මොකද හිතන්නේ....
ඇත්තටම දැන් ගොඩක් ලොකු තැනක තියෙන්නේ Hiphop Party, Hiphop Chart Show හොඳ අලුත් Producerලා අලුත් රැප් Team ඇත්තටම සතුටුයි....

ඔයාගෙ කණ්ඩායමේ සාමජිකයන් කිවුවොත්....
ඇත්ත්ටම මගේ Team එකේ නම Handcuff.. ඒක පටන් ගත්තේ 2009 මමයි Dazයි... මුලින්ම ඒකේ 4ක් හිටියා... Daz, Xcruce, B2, නමුත් දැන් Band එක Explore වෙලා... දැන් 9ක් ඉන්නවා... නුවර, කොළඹ, ගාල්ල හැමතනම Handcuff...

ඔයා හිතන විදිහට ලංකාවේ ඉන්න හොදම Rapper කවුද?....
මම හිතන්නේ Fill-T

රැප් කරන එක නතර කරනවද?...
කවදාවත් නෑ...

ඔයාට මේ තැනට උදවු කරපු අය ගැන මතක් කරොත්....
අම්මා, Wife, මල්ලි, අප්පච්චි, මගේ Handcuff Team එක, Fill-T, Dimi3

ඉස්සරහාට කරන්න ඉන්න වැඩ මොනාද?
Sexyපාර කියලා Track එකක් එනවා... පිලියන්දල, පන්දම දෙකේ විඩීයෝ එනවා... රැප් දෙවියෝ එන්න තියෙනවා....

අලුතෙන් රැප් කලාවට එන අයට මොනවද කියන්න තියෙන්නේ...
හොදට රැප් අහන්න, අලුත් වැඩ අලුත් විදිහට කරන්න...

අද සමාජෙ ගැන කියන තියෙන්නෙ මොනවද....
ඇත්තටම සමාජේ ගොඩක් කළකිරිලා බොහොම පහත් අසහනකාරි මිනිසුන් පිරිසක් මේ ලස්සන රටේ ලස්සන නැති කරනවා....

ලංකාවේ දැන් තියෙන දේශපාලනය ගැන මොකද හිතන්නේ.... දේශපාලනයේ මේ වෙන දේවල් ගැන රැපක් කරන්න අදහසක් නැද්ද?...
තියෙනවා... ඇත්තටම කලාකරුවන්ට දේශපාලනය අවශ්‍ය නෑ...

අපේ Sinhala Rap (www.rapsinhala.blogspot.com) සයිට් එක ගැන මොකද හිතෙන්නේ....
ඇත්තටම මම කැමතිම Page එක ඔයාලගේ එක... මොකද ඒකේ අලුත්ම දේවල් Update වෙනවා, ඔයාලගේ App එකක් තියෙනවා, Site එකක් තියෙනවා, ඒ නිසා සිංහල රැප්  International යනවා...

එහෙනම් දිගටම රැප් කලාවේ ඉදිරියටම යන්න වගේම කරන වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා බොක්කෙන්ම සුභ පතනවා....
අනිවා Bro!...

Thursday, July 9, 2015

Chiraj Interview by Sinhala Rap

Chiraj Interview


Sinhala Rap: මොකක්ද සම්පූර්න නම
Chiraj: චිරාජ් මධුෂාන් කහන්දව මගේ full name එක.
 

Sinhala Rap: පාසල් ගියේ කොහෙද? පාසල් ජීවිතේ කොහොමද?....
Chiraj: පාසල් යන කාලේ තමයි ජීවිතේ ෆන් ම කාලේ දෙයක් ඉගෙනගත්තේ එතනින්.... මම පොළොන්නරුව Royal Collage.  

Sinhala Rap: ගම කොහෙද?... 
Chiraj: පොළොන්නරුව ඒත් ගොඩක් ඉන්නේ කොළඹ.  

Sinhala Rap: රැප් කරන්න පටන් අරන් කොච්චර කල්ද? 
Chiraj: 2010 ඉදන් රැප් කරන්න පටන් ගත්තේ ප්‍රොඩුcඑර් කෙනෙක් විදිහට ආවේ 2009 ඉදන්.....  

Sinhala Rap: රැකියාවක් වශයෙන්ද රැප් කරන්නේ.... නැත්තන් විනෝදාන්ශයක් හැටියටද?...
Chiraj: ජොබ් එක හැටියට Executive Officer කෙනෙක්, Hobby එක විදිහට තමයි මුසිc කරන්නේ  

Sinhala Rap: ලංකාවේ රැප් කලාව ගැන මොකද හිතන්නේ.... 
Chiraj: ඉස්සරවගේ නෙමෙයි වෙනස් ඇසකින් බලන්න පුලුවන්නම් ගොඩක් දේවල් දැන් ලංකාවේ කොල්ලෝ කරනවා පෙනෙයි , මන් හිතන්නේ දැන් ලංකවේ රැප් කලාව දියුණුයි, සතුටුයි පසුකාලිනව බිහිවෙන පරපුර ගැන.....  

Sinhala Rap: ගෙදර අයගෙන් යාලුවන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?.... 
Chiraj: ගෙදර අයගෙන් ඉස්සර සුප්පොර්ට් එකක් තිබ්බේ නෑ.... දැන් හොඳට තියෙනවා, යලුවොන්ගෙනුත් උපරිමෙන්....
හැබැයි වෙනස් කරන්න බැරි සමහර දේවල් ඒ විදිහටම තියෙනවා....
 

Sinhala Rap: ඔයාට Team එකක් ඉන්නවද?... 
Chiraj: ඔව් ඉන්නවා, එයාලගේ කර්යබහුලත්වයත් එක්ක දැන් අපිට එකතුවෙන්න අමාරුයි.... Team එකේ Track එකක් ලගදි Out වෙනවා...  

Sinhala Rap: ඔයාගෙ කණ්ඩායමේ සාමජිකයන් කිවුවොත්.... 
Chiraj: ස්මෝර්ක්, මෙයා රැපර් කෙනෙක් වැඩිය පේන්න ඉන්න කැමති නෑ...
අනිත් කෙනා ගයාන් එය Sing කරන කෙනෙක්, එයා තමා course කරන්නේ.... නිදහස හම්බෙන හැම වෙලාවකම වැඩක් කරන මම චිරාජ්.....
 

Sinhala Rap: යකා එක්ක තියෙන ෆිට් එක?
Chiraj: එයා යාලුකමකටත් වැඩිය සහෝදර කමක් මට ලකුණු 100ක් හම්බ උනොත් ඒකන් 50ක් අයිති වෙන්න ඕනේ එයට !  

Sinhala Rap: ආදරේ ගැන මොකද හිතන්නේ?.
Chiraj: ඇත්තම කිව්වොත් ඒකාකාර නිවහනක් තියෙනවා නම් ආදරේ කියන්නේ අහසක්!...  

Sinhala Rap: පෙම්වතියක් ඉන්නවද?...
Chiraj: ඉස්සර හිටියා දැන් නෑ..  

Sinhala Rap: ලංකාවේ ඉන්න හොදම රැප කවුද?.... 
Chiraj: එහෙම එක්කෙනෙක් කියලා නෑ, සිංහල රැප් හොඳට කරන හැමෝම මට හොඳයි.....  

Sinhala Rap: රැප් කරන එක නතර කරනවද?.... 
Chiraj: මගේ Target වගයක් තියෙනවා ඒවා compleate වුනාම මන් මේ Game එකෙන් අයින් වෙනවා, තව 5 Years උපරිමෙන්....  

Sinhala Rap: ඔයාට මේ තැනට උදවු කරපු අය ගැන මතක් කරොත්.... 
Chiraj: හේමක විජේරත්න , Ravi Jay , Fill-T, Kizar Kaiz, වචනෙකින් හරි පේසල අයියත් , සෑම් පී සමීර, අම්මා තාත්තා , අක්කා , මගේ යලුවෝ.. නම් කියවුන් නැති කට්ටිය කෝටියක් ඇති, ඒ හැමෝමයි....  

Sinhala Rap: ඉස්සරහාට කරන්න ඉන්න වැඩ මොනාද? 
Chiraj: අද මේ Release කරපු Track එක කිව්වොත් මේක මගේ මුලු ජීවිත කතාවෙන් 2.065 තියෙනවා... මට කට්ටියට පෙන්නන්න ඕනේ උනේ කැපකිරීමක් නැතිව ප්‍රතිපලයක් නෑ කියන එක... තව 2 Years වලින් මගේ ලොකු Project එකක් එළියට එනවා... තව වැඩ ගොඩක් කරලා තියෙන්නේ වෙලාව ආවම දානවා....  

Sinhala Rap: අලුතෙන් රැප් කලාවට එන අයට මොනවද කියන්න තියෙන්නේ....... 
Chiraj: කියන්න තියන්නේ එකයි තමන්ගෙම  Style එකකින් ඉස්සරහට එන්න , ප්‍රතිපලයක් ගන්න ලොකු කැපකිරීමක් කරන්න , මමත් ගොඩක් දේවල් දන් දීල මේ තැනට ආවේ....  

Sinhala Rap: ඇලුතෙන් රැප් වලට එන කෙනෙක්ට සප් එක දෙනවද?.. එයාලගෙන් මොන වගේ දේවල්ද බලාපොරොත්තු වෙන්නේ?
Chiraj: මන් ටික දෙනෙක්ට උදවු කරලා තියෙනවා... මට පුලුවන් විදිහට නැත්තන් මන් එයාලට යන්න ඕන Lane එක කියලා දෙනවා, හැබයි මන් ගොඩක් උදවු කරන්න ගිහින් මට්ටු වෙච්ච කෙනෙක්...  

Sinhala Rap: රැප් වලට බනින අයට මොනවද කියන්න තියෙන්නේ.... 
Chiraj: වෙනස් කලාවක අර්ථය දකින්න උන්ට දෙවියෝ පින දීල නෑ , කෙටියෙන්ම කීවොත් එක , ලංකවේ දැන් අහන සිංදු international යවන්න හිතන්නවත් බෑ , මන් හිතනවා කවදහරි රැප් Song එකක්  International යවන්න පුලුවන් වෙයි කියල!...  

Sinhala Rap: ලංකවේ මල් සිංදු අහන එක නැවතිල හැමෝම රැප් අහන දවසක් කොච්චර දුරද? 
Chiraj: මන් හිතන්නේ ඒක අපිට මහන්සි වෙන්න වෙයි මොකද අඬන කොල්ලෝ දැන් වැඩි සමස්තයක් හැටියට අපේ රැප් කොල්ලෝ fight කරනවා මල් සිංඩු අහන මිනිස්සුත් එක්ක , සතුටුයි හරියටම ඒක කියන්න බෑ!.. අවිනිශ්චිතයි....  

Sinhala Rap: අද සමාජෙ ගැන කියන තියෙන්නෙ මොනවද....  
Chiraj: සමජේ විසයි, හැබයි තමන්ගේ පාඩුවේ ගේමක් ගහන් ඉස්සරහට යනවා නම් දවසක් ඌ දිනයි... 

Sinhala Rap: ලංකාවේ දැන් තියෙන දේශපාලනය ගැන මොකද හිතන්නේ.... දේශපාලනයේ මේ වෙන දේවල් ගැන රැපක් කරන්න අදහසක් නැද්ද?...
Chiraj: මම ඒවා ගැන හිතන්නේ කලාවට දෙයක් කරනවා නම් එකෙන්ම ඡන්දේ දෙනවා.... එහෙම කරන්න තාම Idea එකක් නෑ...  

Sinhala Rap: අපි අලුතෙන් පටන් ගත්ත Sinhala Rap සයිට් එක ගැන මොකද හිතෙන්නේ.... 
Chiraj: ඇත්තටම අනිත් පේජ් වගේ සැලෝලයිට් කෑලි දාන පේජ් එකක් නෙමෙයි කියලා දැක්කම හිතාගන්න පුලුවන්, හොඳයි... මෙහෙම ඉස්සරහට කරන් යන්න දිගටම මොන බාධක ආවත්, මේ සයිට් එකෙන් ඉස්සරහට යන රැපර්ස්ලට ගොඩක් ප්‍රයෝජනයි.... ඒ නිසා මේ වගේ වැඩ හැමදේම වැජඹේවා කියලා Wish කරනවා....

 එහෙනම් දිගටම රැප් කලාවේ ඉදිරියටම යන්න වගේම කරන වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා බොක්කෙන්ම සුභ පතනවා....

Sunday, June 28, 2015

රැප්තුමා Interview By Sinhala Rap

රැප්තුමා Interview


Sinhala Rap : කොහොමද ජීවිතේ... මොනවද ඉතින් මේ දවස් වල වැඩ කටයුතු එහෙම....
Rapthuma :අහසේ තමයි ඉතින්!.. මේ දවස් ටිකේ ඉතින් ටිකක් බිසී, අලුතින් වැඩ ටිකක් පටන් ගත්තා. ඒවා තමයි ඉතින්.... 

Sinhala Rap : පාසල් ගියේ කොහෙද? පාසල් ජීවිතේ කොහොමද?....
Rapthuma :මන් ගියේ ආනන්දේ... ආනන්දෙන් Life එකට ගොඩක් දේවල් ගත්ත. ඒ වගේම ආනන්දේ වෙනුවෙන් මන් මගේ යුතුකම් පුලු පුලුවන් විදිහට කලා කියලා හිතනවා.... 

Sinhala Rap :ගම කොහෙද?...
Rapthuma :13 Years මරදානේ තමයි ඉතින්.... 

Sinhala Rap :රැප් කරන්න පටන් අරන් කොච්චර කල්ද?
Rapthuma :රැප් පටන් ගත්තේ ඉස්කෝලේ යන කාලේ ඉදන්ම තමයි. 2011වගේ ඉදලා සීන් එකේ ඉන්නවා... 

Sinhala Rap :රැකියාවක් වශයෙන්ද රැප් කරන්නේ.... නැත්තන් විනෝදාන්ශයක් හැටියටද?...
Rapthuma :මන් රැප් කරන්නේ ලංකාව වෙනුවෙන්... ලංකවේ මිනිස්සුන්ට පණිවිඩයක් දෙන්න.... මට පුලුවන් විදිහට. ඒක ඉතින් ඔය මොකට අයිති වෙනවද දන්නේ නෑ... 

Sinhala Rap :ලංකාවේ රැප් කලාව ගැන මොකද හිතන්නේ.... 
Rapthuma :ඇත්තටම ඉතින් දැන් ලංකාවේ රැප් කලාව දවසින් දවස ගොඩක් ඉස්සරහට යනවා... ගොඩක් අලුත් අය රැප් කරන්න පටන් ගෙන, ඒ වගේම ඉතින් IRAJ, Fill-T, Big Doggy එතකොට 44 කල්ලිය මේ industry එක රැක ගෙන ඉන්න එක ගැන ගොඩක් සතුටුයි. අපි අහස මේ ලංකවේ.... 

Sinhala Rap :ගෙදර අයගෙන් යාලුවන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?....
Rapthuma :ආයේ කියලා වැඩක් නෑ. ඒ වගේම මගේ රාජකුමාරි පූජි, එයා තමයි ගොඩක්ම මට Help කරන්නේ, මොකද ගොඩක්ම වැඩ වලට ගියාට පස්සේ මගේ අනිත් වැඩ ඔක්කොම ගානට Balance කරලා මට ලොකු Sup එකක් දෙනවා.. හිහීහි... 

Sinhala Rap :ඔයාගෙ කණ්ඩායමේ සාමජිකයන් කිවුවොත්.... 
Rapthuma :අපි ඉතින් අහස.... ඒක දන්නවනේ ඉතින්, Prasa, Koththuwa, Rudeboy, Truno, Eken.... One family... අහසේ දෙවියෝ නෑ.... ඉන්නේ අපි හය දෙනා විතරයි.... 

Sinhala Rap :ආදරේ ගැන මොකද හිතන්නේ
Rapthuma :ආදරේ කියන්නේ විදින්න ඕන එකක් මිසක් විදවන්න ඕන එකක් නෙමේ. ඒත් ලංකාවේ මල් සින්දු ගාන බැලුවම ආදරේ දන්න අය ගැන හිතා ගන්න පුලුවන්. මට ඉතින් හොඳ ෆැමිලි එකක් ඉන්නවා ඒක නිසා නෑ ප්‍රශ්න... කොහොමත් නිදහසේ ඉන්නේ මට නෑ ප්‍රශ්න..... 

Sinhala Rap :පෙම්වතියක් ඉන්නවද?...
Rapthuma :මල් සිංදු බූට් සිංදු බැලුවම
මට ඉන්නේ එක්කෙනයි, ඒ හරිම කෙනා මට....
 

Sinhala Rap :ලංකාවේ ඉන්න ඔයා කැමතිම හොදම රැප කවුද?....
Rapthuma :ආහ් ලංකවේ මන් ආස Prasa, Kaizer, Koththuwa ඇත්තටම කිව්වොත් ලංකවේ ඉන්න ඔක්කොම රැපර්ස්ල ජාති.... 

Sinhala Rap :රැප් කරන එක නතර කරනවද?....
Rapthuma :ඔව්, මන් මැරුණ දවසට... 

Sinhala Rap :ඔයාට මේ තැනට උදවු කරපු අය ගැන මතක් කරොත්....
Rapthuma :ඇත්තටම මුලින්ම ස්තූති කරන්න ඕනේ ආර්යන් දිනෙශ් කනගරත්නම්, එයාගෙන් තමයි මන් පටන් ගන්නේ මගේ කතාව... තව ඊට පස්සේ මගේ ෆැමිලි එකේ අය, මගේ සහෝදරයා චිරන්ත, තව යලුවෝ ගොඩක් දෙනා මට හෙල්ප් කරා... ඒ වගේම මාව මෙතෙන්ට ගෙනාපු අපේ අහසේ සෙට් එක.... 

Sinhala Rap :ඉස්සරහාට කරන්න ඉන්න වැඩ මොනාද?
Rapthuma :අලුතින් පොඩි වෙනස් වැඩක් එන්න තියෙනවා. ඒක වෙලාවත් එක්ක කියන්නන්. ටිකක් විතර කල් යඊ. ඒත් බලනවා පුලුවන් ඉක්මනින් release කරන්න. 

Sinhala Rap :අලුතෙන් රැප් කලාවට එන අයට මොනවද කියන්න තියෙන්නේ.......
Rapthuma :ආහ්හ්, අලුතින් රැප් වලට එන අයට කියන්න තියෙන්නේ මේ ඉන්ඩුස්ට්‍රය් එක වෙනුවෙන් කරන්න පුලුවන් හැමදේම කරන්න... උබලට කවුරු බැන්නත් කවුරු මොනා කිව්වත් ලංකවෙ නියම සිංහ කොල්ලෝ තමයි උබලා..... ඌන කෙනෙක්ට හෙල්ප් කරන්න මට පුලුවන් විදිහට මාත් රේඩ්ය්.
ඒ වගේම දැන් කෙල්ලොත් රැප් කරන්න අරන් ඒක ගැනත් සතුටුයි. තව අලුත් මූණු ටිකක් එයි කියලා හිතනවා ඉක්මනටම....
 

Sinhala Rap :රැප් වලට බනින අයට මොනවද කියන්න තියෙන්නේ....
Rapthuma :ඔව්, රැප් වලට බනින අයගෙන් මට අහන්න තියෙන්නේ රැප් කියන කලාව වැරදිනම්, එකේ ඔය කියන කතා ඔක්කොම තියෙනවනම් කරලා පෙන්නන්න වෙනසක්.... ලංකවට. බනින්න ඕන තරම් මිනිස්සු ඉන්නවා.... ඒත් රට හොල්ලන වැඩක් කරනවනම් ඒ ලංකවේ රැපර් කෙනෙක් විතරයි.... 

Sinhala Rap :ලංකාවේ දැන් තියෙන දේශපාලනය ගැන මොකද හිතන්නේ.... දේශපාලනයේ මේ වෙන දේවල් ගැන රැපක් කරන්න අදහසක් නැද්ද?... 
Rapthuma :ලංකාවේ ඔක්කොම ටහොත්ත බබාල ඉන්න බබාලන්තේ....
තේරුමක් ඇති දේවල් තමයි කරන්න ඕනේ.... මිනිස්සුන්ට පණිවිඩයක් දෙන්න ට්‍රැක්ස් කරනවා මිසක් රට හිනස්සන උන්ව අඩවන්න කැමති නෑ.....
 

Sinhala Rap :අපි අලුතෙන් පටන් ගත්ත Sinhala Rap (www.sinhalarap.co.vu) සයිට් එක ගැන මොකද හිතෙන්නේ....
Rapthuma :හොඳ අලුත් වැඩක්, ස්තූතියි මටත් කතා කලාට... දවසින් දවස මේ සයිට් එකට කට්ටිය පිරෙනවා....
මොකද ඉස්සරහට මුලු ලංකවම රැප් තමයි...
හදවතින්ම සුභ පතනවා.... ජාති....
 

Sinhala Rap :එහෙනම් දිගටම රැප් කලාවේ ඉදිරියටම යන්න වගේම කරන වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා
 Rapthuma : බොක්කෙන්ම සුභ පතනවා....
Thanks Bro... Respect u....
එළ...
ජාති....


Thursday, June 25, 2015

Minol Interview By Sinhala Rap

DRILL TEAM
WESTනාහිර
Minol Interview



Sinhala Rap: මොකක්ද සම්පූර්න නම
Minol: ඩබ්ලිව්.ඩී.මිනෝල් විතාරණ...

Sinhala Rap: කොහොමද ජීවිතේ... මොනවද ඉතින් මේ දවස් වල වැඩ කටයුතු එහෙම....
Minol: ජිවිතේ හොඳයි, අව්ලක් නැ... මේ දවස් වල නම් job එක කරගෙන ඉන්නවා....

Sinhala Rap: පාසල් ගියේ කොහෙද? පාසල් ජීවිතේ කොහොමද?....
Minol: මාලබේ ආදර්ශ පිරිමි විද්‍යාලය.... ස්කෝලේ කාලේ නම් ෆුල් ආතල්
හහා...


Sinhala Rap: ගම කොහෙද?...
Minol: මගේ ගම තලවතුගොඩ...

Sinhala Rap: රැප් කරන්න පටන් අරන් කොච්චර කල්ද?
Minol: Rap කරන්න පටන් ගත්තේ 2008 විතර.. Cypher 13 එක අහපු අය දන්නවා....

Sinhala Rap: රැකියාවක් වශයෙන්ද රැප් කරන්නේ.... නැත්තන් විනෝදාන්ශයක් හැටියටද?...
Minol: මම Rap කරන්නේ  music එකක් විදිහට.. එක job එකක් වත් විනෝදාංශයක්වත් නෙමෙයි...

Sinhala Rap: ලංකාවේ රැප් කලාව ගැන මොකද හිතන්නේ....
Minol: ම්ම්... ලංකාවේ rap කියලා දෙයක් තියනවා . එත් rap කරන එක මොකක්ද.. මොකටද කියලා අරමුණක් නැ.. අර දුවන්නම් වාලේ දුවනවා.. හේතුවක් නැ වගේ තමා

Sinhala Rap: ගෙදර අයගෙන් යාලුවන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?....
Minol: මුලින්ම නම් එච්චර සුන්දර නැ.. ඒත් දැන් ඒ ගොල්ලන්ට ටිකක් මේ දේ තේරෙනවා... යාලුවෝ නම් ඔක්කොම හොඳ sup එකක් දෙනවා බොක්කෙම්ම....

Sinhala Rap: ඔයාගෙ කණ්ඩායමේ සාමජිකයන් කිවුවොත්....
Minol: ම්ම්.. team එකක් කියනවට වඩා එක family එකක් වගේ....

Sinhala Rap: ආදරේ ගැන මොකද හිතන්නේ
Minol:ආදරේ අවිල්ලා.. ම්ම්.. අපි ආදරේ කරන්න ඕනේ.. එක එක හේතු මත ගොඩ නැගෙන දෙයක්.. ඒක සල්ලි වෙන්නත් පුලුවන්.... sex වෙන්නත් පුලුවන්... කොහොම උනත් ආදරේ 100% මේකයි කියලා කියන්න බෑ.....

Sinhala Rap: පෙම්වතියක් ඉන්නවද?...
Minol: හහා.. GF කෙනෙක්???.. එහෙම එක්කෙනෙක් ඉන්නවද කියලා මටත් ප්‍රශ්නයක් බන්....

Sinhala Rap: ලංකාවේ ඉන්න හොදම රැප කවුද?....
Minol: ලංකවේ ඉන්න හොඳම රැපර්ස්ලා ගොඩක් ඉන්නවා.... සමහර අය තාම ඉපදිලත් නෑ.... තව හොඳම රැපර්ස්ල ඉස්සරහට වෙන්නත් ඉන්නවා.... ඒත්  Borna, Kalu Malli, E Root මම ආසම රැපර්ස්ලා....
 

Sinhala Rap: රැප් කරන එක නතර කරනවද?....
Minol: රැප් කරන එකටම ජීවිතේ කැප කරලා ඉන්න අමාරුයි.. මම හිතනවා එහෙම ඉන්න තිබුන නම් හොඳයි කියලා.....

Sinhala Rap: ඔයාට මේ තැනට උදවු කරපු අය ගැන මතක් කරොත්....
Minol: මට උදවු කරපු අය ගොඩක් ඉන්නවා..  Mainly.. Drill Team.. Asanka(drex), Borna, Kalu Malli.... මගෙ අම්ම, තාතතා.. යලුවෝ ඔක්කොම... අනික උබලගෙන් ලැබෙන කික් එකත් ලොකු සප් එකක්....
 

Sinhala Rap: ඉස්සරහාට කරන්න ඉන්න වැඩ මොනාද?
Minol: ඉස්සරහට තව ගොඩක් හොඳ වැඩ ටිකක් එන්න තියෙනවා.... බලාගෙන ඉන්න කියලා තමයි කියන්න ඕනී....

Sinhala Rap: අලුතෙන් රැප් කලාවට එන අයට මොනවද කියන්න තියෙන්නේ.......
Minol: ඒ ගොල්ලන්ට කියන්න තියෙන්නේ මේ ලොකේ කරන්න තියෙන එකම දේ රැප් කරන එකම විතරක් නෙමෙයි.. famous වෙන්න හිත ගන්න කලින් ජීවිතේ හදා ගන්න හිතන්න.....
 

Sinhala Rap: රැප් වලට බනින අයට මොනවද කියන්න තියෙන්නේ.... 
Minol:රැප් වලට බනින සමහරක් අයට සාදාරණ හේතු තියෙනවා... ඒ ගැන කතා කරන්න මම දන්නේ නෑ...
 

Sinhala Rap: අද සමාජෙ ගැන කියන තියෙන්නෙ මොනවද....
Minol: ඒ සමාජේ.... එහෙම එකක් තියනවද කියන එකත් ප්‍රශ්නයක්.... Facebook සමාජයක් නම් තියෙනවා නේ... හහා.... ඒ ගැන හිතන්නේ නම් නෑ බන්.. ඒත් කලු මල්ලි එක පාරක් කිව්වා.. අපි හැමොම මේ පද්දතියේ කොටසක්.... එක නිසා අපි කොහෙන්හරි ඒකට සම්බන්ද වෙනවා කියලා....

Sinhala Rap: ලංකාවේ දැන් තියෙන දේශපාලනය ගැන මොකද හිතන්නේ.... දේශපාලනයේ මේ වෙන දේවල් ගැන රැපක් කරන්න අදහසක් නැද්ද?...
Minol: අර ආදරේ ගැන සින්දු කරනවා වගේ දේශපාලනය ගැනත් ස්ටයිල් එකට ලියන එක මෝඩ ආතල් එකක්....

Sinhala Rap: අපි අලුතෙන් පටන් ගත්ත Sinhala Rap සයිට් එක ගැන මොකද හිතෙන්නේ....
Minol: අවුලක් නෑ.. එළ...

Sinhala Rap: එහෙනම් දිගටම රැප් කලාවේ ඉදිරියටම යන්න වගේම කරන වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා බොක්කෙන්ම සුභ පතනවා....
 
Minol: Thanks homiee...
ජය....



විශේෂ ස්තූතිය....
Kadz de Francisco
 

Shen Wickramasinghe (හාරත) Interviw By Sinhala Rap

Shen Wickramasinghe (හාරත) Interviw



Sinhala Rap: කොහොමද ජීවිතේ... මොනවද ඉතින් මේ දවස් වල වැඩ කටයුතු එහෙම....
Shen (හාරත): රැප් එක්ක ගෙවෙනවා ජිවිතේ... මේ දවස් වලනම් අලුත් ම ට්‍රැක් එකකට ලැස්ති වෙනවා...
 

Sinhala Rap: පාසල් ගියේ කොහෙද? පාසල් ජීවිතේ කොහොමද?.... 
Shen (හාරත): මම පාසල් ගියේ ශ්‍රීමත් ජොන් කොතලාවල මහා විද්‍යාලය පිළියන්දල, පාසල් ජිවිතේ ගෙවුනු සුන්දරම කාලයක් මගේනම්..... 

Sinhala Rap: ගම කොහෙද?... 
Shen (හාරත): පිළියන්දල 

Sinhala Rap: රැප් කලාවට සෙට් වෙන්න හිතුවෙ ඇයි... 
 Shen (හාරත): සින්දු කියන ගොඩක් අය ඉන්නවා නමුත් රැප් කලාවට ඉන්නේ කිහිප දෙනයි හිතුනා වෙනස් කලාවක් ලංකවේ උඩට ගේන්න උදව් වෙන්න ඔනේ කියලා 

Sinhala Rap: රැප් කරන්න පටන් අරන් කොච්චර කල්ද? 
Shen (හාරත): මමනං අලුත් 2014 තමයි මම කලාවට ආවේ 

Sinhala Rap: රැකියාවක් වශයෙන්ද රැප් කරන්න හිතන් ඉන්නේ....... නැත්තන් විනෝදාන්ශයක් හැටියටද?... 
Shen (හාරත): විනොදාංශයක් හැටියට වගේම මිනිස්සුන්ට අලුත් දෙයක් දෙන්න තියන ආසාවට තමයි රැකියාවක් විදියට කරන්න තාම රැප් වලට ලංකාවේ තැනක් නැ මම දන්න තරමින් 

Sinhala Rap: ලංකාවේ රැප් කලාව ගැන මොකද හිතන්නේ.... 
Shen (හාරත): ලංකාවේ රැප් කලාව පිළිගන්න අය බොහොම අඩුයි ගොඩක් අය රැප් වලට බනිනවා හේතුව මේක දැන් තියන එකාකාරි සංගීතයෙන් මිදුන ටික්ක වෙනස් දෙයක් නිසා කොහොම උනත් 2014 න් ප්සසේ ලංකාවේ රැපර්ලා ටික්ක වැඩි උනා දුර පළාත් වල අය පවා මේකට උනන්දු උන නිසා මේ වෙනකොට සාමාන්‍ය තැනක තියනවා එත් ම දන්න තරමින් ලංකාවේ මිනිස්සුන්ට තාමත් රැප් කියන දේ දැනිලා නැහැ මේකෙන් කියන දේ කරන දේ ගැන 

Sinhala Rap: ගෙදර අයගෙන් යාලුවන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?.... 
Shen (හාරත): ගෙදර අයගෙන්නම් ඉතින් යහපත් ප්‍රතිචාරයක් නැ, යාලුවන්ගෙන්නම් ප්‍රතිචාර ගොඩක් ලැබෙනවා මොකද මට ඉන්න හැම යාලුවම වගේ රැප් අහනවා 

Sinhala Rap: ලංකාවේ දැන් තියෙන දේශපාලනය ගැන මොකද හිතන්නේ.... දේශපාලනයේ මේ වෙන දේවල් ගැන රැපක් කරන්න අදහසක් නැද්ද?... 
Shen (හාරත): දේශපාලනේ ගැන ඉතින් කතාකරන්න වෙනම වෙලාවක් ඔනේ වෙනවා මොකද එක දැන් අපිටවත් තේරුම්ගන්න බැ, දේපාලනේ අහලා අහලා කලකිරිලා ඉන්න මිනිස්සුන්ට ආයේ දේශපාලනේ ගැනම කියන්න අදහසක් නැ 

Sinhala Rap: ආදරේ ගැන මොකද හිතන්නේ 
Shen (හාරත): දැනටත් විදින දෙයක් විදවන්නැතුව කරනවනම් සුන්දරයි තමා 

Sinhala Rap: පෙම්වතියක් ඉන්නවද?... 
Shen (හාරත): ඉන්නවා... 

Sinhala Rap: එයාගෙන් මේකට ලැබෙන ප්‍රතිචාර කොහොමද?.... 
Shen (හාරත): එයා කියනනෙ ෆේස්බුක් එකට පමණක් සීමා නොවි අලුත් දෙයක් කරන්න කියලා තමයි 

Sinhala Rap: ඔයාට මේ තැනට උදවු කරපු අය ගැන මතක් කරොත්.... 
Shen (හාරත): මගේ ටීම් එක Oneway ම මුලින්ම කිව්වේ mick jay ට අපි ට්‍රැක් එකක් කරමු වෙනසක් කරමු කියලා ඉට පස්සේ තමයි Oneway කියලා ටීම් එක්ක හැදුනේ පස්සේ තව දෙන්නෙක් අපි මේකට ගත්තා speedy අපේ Englich rapper and ill once පාපය අපේ පළවෙනි ට්‍රැක් එක කවුරුත් දන්නවා.... උඩට එන්න උදව් කලේ කවුද කියලා කිව්වොත් හර්ෂ රට්ටම්බිගේ (dogloco) drill team අපේ පළවෙනි ට්‍රැක් එකේදි අපි රැප් ගැන ගොඩක් අඩු දැනීමකින් තමයි රෙකොඩින් වලට ගියේ අඩුම තරමේ රයිමින්වත් හරියට තිබුනේ නැ එවා හදලා විඩියෝ එක කරලා නියම විදියට අපිට මේ තැනට එන්න උදව් කලේ loco තමයි... loco ගේ මග පෙන්වීමනුයි අපේ උත්සහයෙනුයි අපි මේ වෙනකොට රැප් පිළිබඳ ගොඩක් දේවල් වලින් සම්පුර්ණයි අපේ ඉස්සරහට එන ට්‍රැක් වලින් එ දේවල් දැනගන්න ලැ‍ෙබෙයි 

Sinhala Rap: ඉස්සරහාට කරන්න ඉන්න වැඩ මොනාද?
 Shen (හාරත): ඉස්සරහට අපි පළවෙනියට කලෙත් වෙනසක් මොකද හැම ටීම් එකක්ම මුලින් කරන්නේ තමන්ව අදුන්වලා දෙන එක අපි එකෙන් මිදිලා වෙනස් විදියකට එලියට ආවා ඉස්සරහට වැඩ ගොඩක් එන්න තියනවා... අලුත් දේවල් වෙනස් දේවල්... ලගදීම අපේ ‘කෙල්ලේ‘ කියලා ට්‍රැක් එකක් එන්න තියනවා එකට තමයි මේ දවස් වල ලැස්ති වෙන්නේ.... 

Sinhala Rap: ඒ  Track  එක අපෙ සයිට් එකෙන් දාන්නත්  දෙනවනේ නේද ? 
Shen (හාරත): අනිවා අනිවා... 

Sinhala Rap: අපි අලුතෙන් පටන් ගත්ත Sinhala Rap සයිට් එක ගැන මොකද හිතෙන්නේ.... 
Shen (හාරත): එල වැඩක් කියලා කියන්න ඔනේ රැප් වලට උඩට එන්න අනික් අයට රැප් ගැන දැනගන්න මේ වගේ දේවල් කරන එකට තැන්ක්ස් කරන්න ඔනේ මොකද රැප් අහන රැප් වලට ආස අයට රැප් ගැන දැනගන්න මේක හොඳ සයිට් එකක්... මුල් කාලේ මේ වගේ දේවල් තිබුනේ නැ කෙලිම්ම යු ටියුබ් ගිහින්නේ අපි බැලුවේ 

Sinhala Rap: එහෙනම් දිගටම රැප් කලාවේ ඉදිරියටම යන්න වගේම කරන වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා බොක්කෙන්ම සුභ පතනවා.... 
Shen (හාරත): එකෙම්ම මේ වගේ දේකට ආරාධනා කලාටත් තැන්ක්ස් වගේම සියිට් එක තව අප් කරලා ගන්නත් wish කරනවා... ජය!සුප්පා වැඩක්...

Young Nima Interviw By Sinhala Rap

Young Nima Interviw


Sinhala Rap: කොහොමද ජීවිතේ... මොනවද ඉතින් මේ දවස් වල වැඩ කටයුතු එහෙම....
Young Nima: වරදක් නෑ. මේ දවස් වල chill එකේම තමා.
 

Sinhala Rap: පාසල් ගියේ කොහෙද? පාසල් ජීවිතේ කොහොමද?.... 
Young Nima: පාසල් 3 කට විතර ගියා.උසස් පෙළ කලේ කදන්ගමුව නවෝද්‍යා­ මහ විද්‍යාලයේ... පාසල් කලේ ගොඩක් විනෝදයි... අමතක වෙන්නෙම නැති ජිවිතේ හොඳම කාලයක්.... 

Sinhala Rap: වැඩියෙන් ආස  Nirmal කියනවටද Young Nima කියනවටද?... 
Young Nima: ආසවක් නෑ කොහොම කතා කලත් එකයි.... ගොඩක් Use වෙන්නේ නිමා කියලා තමයි..... 

Sinhala Rap: රැප් කලාවට සෙට් වෙන්න හිතුවෙ ඇයි... 
Young Nima: දන්න කලේ ඉදන්ම රැපර් කෙනෙක් වෙන්න  Dream එකක් තිබුනා තදටම....  

 Sinhala Rap: රැප් කරන්න පටන් අරන් කොච්චර කල්ද? 
Young Nima: උසස් පෙළ ඉවර උනු ගමන් lyrics කලා..  .මුලින්ම මම lyrics writer කෙනෙක්. Jacanel සෙට් උනාට පස්සේ තමයි  First Track එක කලේ..... 

Sinhala Rap: රැකියාවක් වශයෙන්ද රැප් කරන්නේ.... නැත්තන් විනෝදාන්ශයක් හැටියටද?... 
Young Nima: රැප් වලින් හම්බ කරන මිනිස්සුත් ඉන්නවා.... ඒත් මමත් Jacanel Family එකටත් සල්ලි අදාලම නෑ.... 

Sinhala Rap: ලංකාවේ රැප් කලාව ගැන මොකද හිතන්නේ.... 
Young Nima: රැප් කලාව දියුණු කරන්න නම් ඉන්න ටික දෙනා එකමුතු වෙන්න ඕනේ.... සල්ලි පස්සේ පන්නනවට වඩා රැප් කියන දේට ආදරෙන් වඩා කරන්න ඕනේ..... 

Sinhala Rap: ගෙදර අයගෙන් යාලුවන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?.... 
Young Nima: උපරිමයි.... මගේ කියලා ඉන්න හැමකෙනෙක්ම උපරිමයෙන් උදව් කරනවා.... දැනට හැමෝගෙන්ම හොද... ගොඩක් හොද ප්‍රතිචාර තියෙනවා.... 

Sinhala Rap: ආදරේ ගැන මොකද හිතන්නේ 
Young Nima: න්‍යශ්ටික අවියටත් වඩා ප්‍රවේශම් වෙන්න ඔනි දෙයක්.... 

Sinhala Rap: පෙම්වතියක් ඉන්නවද?... 
Young Nima: එහෙම කරදරයක් තාම නෑ.... 

Sinhala Rap: ඒ උනාට ඉතින් තනිකඩවමද ඉන්න හදන්නේ 
Young Nima: ගානක් නෑ... යාලුවෝ එක්ක ඉද්දි වෙනම ලෝකයක්..... 

Sinhala Rap: ලංකාවේ ඉන්න හොදම රැප කවුද?.... 
Young Nima: හැම රැපර් කෙනෙක්ටම  Respect කරනවා.... 

Sinhala Rap: රැප් කරන එක නතර කරනවද?....නැත්තන් දිගටම මේකෙන් ඉස්සරහට යනවද
 Young Nima: නතර කරන්නේ නෑ.... නතර වෙයි මම නතර උනු දවසට..... 

 Sinhala Rap: ඔයාට මේ තැනට උදවු කරපු අය ගැන මතක් කරොත්.... 
Young Nima: මේකෙදි උදවු කල අය ගැන කියනවනම් මගේ ෆමිල්ය් එකේ නැදෑයෝ යාලුවෝ අමතක කරන්න බෑ... ඒ වගේම jacanel මගේ  family එක  Lil Shane, Durty Shen, Rosh හැමදාමත් සහොදරත්වයෙන් ගේම ගැහුව ගහනවා...  කියන්නම ඕනී අපි Team එකක් නෙමේ එක පව්ලක්.... 

Sinhala Rap: ඉස්සරහාට කරන්න ඉන්න වැඩ මොනාද? 
Young Nima:ඉසරහට ගොඩක් දේවල් තියෙනවා.. දැනට මගේ Solo එකක් කරලා තියනවා... තව කරලා ඉවර කලා...
1.ආරිය සිංහල
2.සිරස්තල

Track දෙක ලඟදිම  Relese කරන්න තියෙනවා.....
 

Sinhala Rap: ඒ  Track අපෙ සයිට් එකෙන් දාන්නත්  දෙනවනේ නේද ? 
Young Nima: අනිවාර්යෙන්ම... 

Sinhala Rap: අලුතෙන් රැප් කලාවට එන අයට මොනවද කියන්න තියෙන්නේ....... 
Young Nima: අලුතෙන් එන හැමෝටම කියන්නේ. මූල්‍ය (මුදල්) පරමාර්ථයෙන් තොරව හිඵොප් රප් වලට අවංකවම ආදරෙන් සහෝදරත්වයෙන් වැඩ කරන්න කියලා..... 

Sinhala Rap: රැප් වලට බනින අයට මොනවද කියන්න තියෙන්නේ.... 
Young Nima: ඇත්තටම අනුකම්පාවක් හිතෙනවා පට්ට දුකයි මට..... 

Sinhala Rap: අද සමාජෙ ගැන කියන තියෙන්නෙ මොනවද....  
Young Nima: තරුණ පරම්පරාව දැන් රැප් වලට එකතු වෙනවා ගොඩක්.... 

Sinhala Rap:අපි අලුතෙන් පටන් ගත්ත Sinhala Rap සයිට් එක ගැන මොකද හිතෙන්නේ.... 
Young Nima: එළ වැඩක්... අපි ස්තූතිවන්ත වෙනවා වගේම අපෙන් ලැබෙන්න ඕනි  Sup එක දෙනවා.... 

Sinhala Rap: එහෙනම් දිගටම රැප් කලාවේ ඉදිරියටම යන්න වගේම කරන වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා බොක්කෙන්ම සුභ පතනවා.... 
Young Nima: බොහොම ස්තූති. ඔයාලගේ වැඩ වලටත් සුභ පතනවා....


Wednesday, June 24, 2015

Slimkiller Shanaka (NirnaamikA) Interview By Sinhala Rap


Sinhala Rap : මොකක්ද සම්පූර්න නම
Slimkiller : ජයවීර ආරච්චිගෙ යසිරු ශානක ජයවීර...


Sinhala Rap : කොහොමද ජීවිතේ... මොනවද ඉතින් මේ දවස් වල වැඩ කටයුතු එහෙම.... 
Slimkiller : මේ දවස්වල මං චීන භාෂාව හදාරනවා සංචාරක ශෙශ්ත්‍රයට සම්බන්ද වෙන්න...

Sinhala Rap : පාසල් ගියේ කොහෙද? පාසල් ජීවිතේ කොහොමද?.... 
Slimkiller : මහනුවර ශ්‍රි සුමංගල විද්‍යාලයට.... 

Sinhala Rap : ගම කොහෙද?... 
Slimkiller : පිලිමතලාව... 

Sinhala Rap : රැප් කරන්න පටන් අරන් කොච්චර කල්ද?..
Slimkiller : රැප් කරන්ඩ පටන් ගත්තේ 2007, 2008 විතර.... 

Sinhala Rap : රැකියාවක් වශයෙන්ද රැප් කරන්නේ.... නැත්තන් විනෝදාන්ශයක් හැටියටද?...
Slimkiller : මන් රැප් කරන්නෙ Hobby එකක් විදිහට.... හිතේ තියෙන ආවෙගේ පිටකරගන්න මේ Hobby එක ගොඩක් හොදයි.... 

Sinhala Rap : ලංකාවේ රැප් කලාව ගැන මොකද හිතන්නේ.... 
Slimkiller : ඉස්සර අපි පටන්ගන්න කාලේ නම් එන්ග්ලිශ් රැප් ගොඩක් තිබ්බේ... අපිත් එන්ග්ලිශ් රැප් කරා... සින්දු කරා... ඒ උනාට කිසිම හැගීමක් නෑ අපිට සින්හලෙන් රැප් කරන්ඩ ගත්තට පස්සේ නියමයි ආතල් එකයි ඔක්කොම තියෙනවා.... දැන් ලංකවේ රැප් කලාව සුපිරිම සුපිරි... ගොඩක් දුරට ලෝකේ වටේම සිංහල රැප් කලාව යයි කියලා හිතෙනවා.... 

Sinhala Rap : ගෙදර අයගෙන් යාලුවන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?.... 
Slimkiller : මුල් දවස්වල නම් හැමෝටම මන් රැප් කරනවා කිවුවම විහිලුවක් වෙලා තිබ්බා.... අම්මා කියනව උබ කරන රැප් කියලා.... ගොඩක් යාලුවොත් එහෙමයි ඕවා ගනන් ගත්තේ නෑ ඕන එකක් ප්‍රීති වෙසක් කියලා මන් මගේ වැඩේ කරගෙන ගියා.... ඒත් දැන් නම් හැමෝම හොද කියනවා ගොඩක්.....

Sinhala Rap : ආදරේ ගැන මොකද හිතන්නේ... 
Slimkiller : දැන් කාලේ ආදරේ තියෙන්නේ කාමරේ.. හේ හෙහ්... 

Sinhala Rap : පෙම්වතියක් ඉන්නවද?... 
Slimkiller : දැන් නම් නෑ....  

Sinhala Rap : ලංකාවේ ඉන්න හොදම රැප කවුද?.... 
Slimkiller : Old school රැපර්ලගෙන් K-Mac... දැන් ඉන්න අයගෙන්  Spin Spittah, Prasa kg, Smokio සුපිරි.. 

Sinhala Rap : රැප් කරන එක නතර කරනවද?.... 
Slimkiller : තව අවුරුදු 3කින් 4කින් විතර.... 

Sinhala Rap : ඔයාට මේ තැනට උදවු කරපු අය ගැන මතක් කරොත්.... 
Slimkiller : මුල් දවස්වල නම් අපිට කැපිල්ල විතරයි English රැප් කරන කාලෙ.... හෙල්ප් කර Dj අශේන් සමීර, හර්ෂ ෆැර්නෑන්ඩෝ, අපේ Black Hunter නිසා Colombo අය මාව ගොඩක් දැනගත්තා හර්ෂට ස්තූති කරනවා.... ඒ වගේම Spin ව, Durty Killer මතක් කරනවා..    

Sinhala Rap : ඉස්සරහාට කරන්න ඉන්න වැඩ මොනාද?
Slimkiller : ඊලඟට මගේ ඉලක්කේ Tour Guide කෙනෙක් වෙන එක.. කලින් Job ගොඩක් කරා... Cook කෙනෙක්, Graphic Designer, Salesman, Pohotographer විදිහට  ඒ රෙද්දවල් එකක්වත් හිතට ඇල්ලුවේ නෑ.... මන් ගොඩක් ඇවිදින්න, සංචාරයට කැමති නිසා Tour guide කෙනෙක් වෙන්න හිතාගෙන
ඉන්නවා Guiding මගේ hobbyවලින් එකක්....
 


Sinhala Rap : ඔයාලගෙ Team එකේ අනිත් අය ගැනත් මතක් කරොත් හොඳයි නේද?...  
Slimkiller : අපේ Team එකේ කලින් තිබ්බ නම Uptown HustlerZ... දැන් අපේ Team එකේ නම නිර්ණාමික (NirnaamikA).... අපේ කන්ඩායමේ Vinthy,Dremac,YoungDrunk ඉන්නවා.... තව අපේ හිටියා  K3 කියලා රැපර් කෙනෙක්...  School කාලේ ඉදින් මගෙ හොඳ යාලුවෙක්...  K3 හදිස්සි අනතුරකින් නැති උනා....   

Sinhala Rap : අපි අලුතෙන් පටන් ගත්ත Sinhala Rap සයිට් එක ගැන මොකද හිතෙන්නේ.... 
Slimkiller : සුප්පා වැඩක් ගොඩක්ම වෙනස් විදිහේ වැඩක්.... මන් ගොඩක් ස්තූත කරනවා ඔයලා මේ වගේ එලකිරි වැඩක් පටන් ගත්තට... 

Sinhala Rap : එහෙනම් දිගටම රැප් කලාවේ ඉදිරියටම යන්න වගේම කරන වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා බොක්කෙන්ම සුභ පතනවා....
 Slimkiller : මන් ගොඩක් ස්තූති කරනවා මේ සිටෙ එක කරන අයට ඒ වගේම සුභ පතනවා... ලංකවේ ඉන්න අනිත් රැපර්ස්ලා හැමෝටමත්... ජයෙන් ජයම වේවා..... බුදු සරණයි....



Tuesday, June 23, 2015

Chey Nyn Interview By Sinhala Rap

Chey Nyn Interview 



1. Sinhala Rap :  කොහොමද ජීවිතේ... මොනවද ඉතින් මේ දවස් වල වැඩ කටයුතු එහෙම....

Chey Nyn : සැපෙන් ඉන්නවා ජිවිතේ,වැඩ නම් මගෙ New Solo එකක් එන්න තියෙනවා

2. Sinhala Rap : පාසල් ගියේ කොහෙද?

Chey Nyn : st'johns college

3. Sinhala Rap : ගම කොහෙද?... 

Chey Nyn :කොළඹ 6, වත්තල

4. Sinhala Rap :  රැප් කරන්න පටන් අරන් කොච්චර කල්ද?

Chey Nyn : පොඩි කාලෙ ඉදන් තිබ්බ ඔලුවේ , 2011 පටන් ගත්තා , සද්ද වහල වැඩේ ඉගෙන ගත්ත , අවුරුදු 4ක් වෙනවා දැන්

 5. Sinhala Rap : ලංකාවේ රැප් කලාව ගැන මොකද හිතන්නේ....

Chey Nyn : දැන් නම් බර පන්තියෙන් නැගලා යනවා , ගොඩක් අය මෙක කරන්න ට්‍රයි කරා , දැන් ඒක වෙලා තියෙන්නේ , මිනිස්සු අත්ත තේරුම් අරන් තියෙන්නෙ..

6 . Sinhala Rap :  ගෙදර අයගෙන් යාලුවන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?.... 

Chey Nyn :ගෙදර අයයි යලුවොයි ෆුල් සප් එකක් දෙනව , පට්ට හයියක්

 7 . Sinhala Rap : ආදරේ ගැන මොකද හිතන්නේ

Chey Nyn : ආදරෙත් ආතල් වැඩක් ! 

 8. පෙම්වතියක් : ඉන්නවද?...

 Chey Nyn : එකක් කියල නෑ

9. Sinhala Rap : ලංකාවේ ඉන්න හොදම රැප කවුද?....

Chey Nyn : K mac

10. Sinhala Rap : රැප් කරන එක නතර කරනවද?....

Chey Nyn : වලේ ඉද්දි කට වැහේ මගේ ! එතකම් නෑ


11. Sinhala Rap : ඔයාට මේ තැනට උදවු කරපු අය ගැන මතක් කරොත්.... 

Chey Nyn: මං පොඩි තැනකට ඇවිල්ල ඉන්නවා කියලා දැනෙනවා ගොඩක් අය උදවු කරා , ගෙදර අය ,  Iraj aiya , Izzy , k mac , smokio , මගෙ හූඩ් එකෙ නිග්ගර්ස්ල වගේ ගොඩක් අය...

12. Sinhala Rap. ඉස්සරහාට කරන්න ඉන්න වැඩ මොනාද? 

Chey Nyn:ඉස්සරහට Illnoize එක්ක වැඩ කරන්න යන්නෙ , අලුත් බෝම්බ තියෙනවා , ලගදිම පත්තු කරනවා....
 13. Sinhala Rap. අලුතෙන් රැප් කලාවට එන අයට මොනවද කියන්න තියෙන්නේ.......
 
Samith : හරි දේ කරන්න කියලා

14. Sinhala Rap. රැප් වලට බනින අයට මොනවද කියන්න තියෙන්නේ.... 

Chey Nyn : ඒ වගේ අය ගෑන කතා කරන්න ම්ං ආස නෑ , අහන එවුන් අහපුදෙන් , මගෙ ෆන්ස්ලට ම්ං ආදරෙයි බොක්කෙන්ම.

15. Sinhala Rap : අපි අලුතෙන් පටන් ගත්ත Sinhala Rap සයිට් එක ගැන මොකද හිතෙන්නේ....5

Chey Nyn : එලකිරි වැඩක් !! good luck bro
-------------------------------------
Sinhala Rap
එහෙනම් දිගටම රැප් කලාවේ ඉදිරියටම යන්න වගේම කරන වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා බොක්කෙන්ම සුභ පතනවා....