Minol Interview By Sinhala Rap
Sinhala Rap: මොකක්ද සම්පූර්න නම
Minol: ඩබ්ලිව්.ඩී.මිනෝල් විතාරණ...
Sinhala Rap: කොහොමද ජීවිතේ... මොනවද ඉතින් මේ දවස් වල වැඩ කටයුතු එහෙම....
Minol: ජිවිතේ හොඳයි, අව්ලක් නැ... මේ දවස් වල නම් job එක කරගෙන ඉන්නවා....
Sinhala Rap: පාසල් ගියේ කොහෙද? පාසල් ජීවිතේ කොහොමද?....
Minol: මාලබේ ආදර්ශ පිරිමි විද්‍යාලය.... ස්කෝලේ කාලේ නම් ෆුල් ආතල්
හහා...
Sinhala Rap: ගම කොහෙද?...
Minol: මගේ ගම තලවතුගොඩ...
Sinhala Rap: රැප් කරන්න පටන් අරන් කොච්චර කල්ද?
Minol: Rap කරන්න පටන් ගත්තේ 2008 විතර.. Cypher 13 එක අහපු අය දන්නවා....
Sinhala Rap: රැකියාවක් වශයෙන්ද රැප් කරන්නේ.... නැත්තන් විනෝදාන්ශයක් හැටියටද?...
Minol: මම Rap කරන්නේ music එකක් විදිහට.. එක job එකක් වත් විනෝදාංශයක්වත් නෙමෙයි...
Sinhala Rap: ලංකාවේ රැප් කලාව ගැන මොකද හිතන්නේ....
Minol: ම්ම්... ලංකාවේ rap කියලා දෙයක් තියනවා . එත් rap කරන එක මොකක්ද.. මොකටද කියලා අරමුණක් නැ.. අර දුවන්නම් වාලේ දුවනවා.. හේතුවක් නැ වගේ තමා
Sinhala Rap: ගෙදර අයගෙන් යාලුවන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?....
Minol: මුලින්ම නම් එච්චර සුන්දර නැ.. ඒත් දැන් ඒ ගොල්ලන්ට ටිකක් මේ දේ තේරෙනවා... යාලුවෝ නම් ඔක්කොම හොඳ sup එකක් දෙනවා බොක්කෙම්ම....
Sinhala Rap: ඔයාගෙ කණ්ඩායමේ සාමජිකයන් කිවුවොත්....
Minol: ම්ම්.. team එකක් කියනවට වඩා එක family එකක් වගේ....
Sinhala Rap: ආදරේ ගැන මොකද හිතන්නේ
Minol:ආදරේ අවිල්ලා.. ම්ම්.. අපි ආදරේ කරන්න ඕනේ.. එක එක හේතු මත ගොඩ නැගෙන දෙයක්.. ඒක සල්ලි වෙන්නත් පුලුවන්.... sex වෙන්නත් පුලුවන්... කොහොම උනත් ආදරේ 100% මේකයි කියලා කියන්න බෑ.....
Sinhala Rap: පෙම්වතියක් ඉන්නවද?...
Minol: හහා.. GF කෙනෙක්???.. එහෙම එක්කෙනෙක් ඉන්නවද කියලා මටත් ප්‍රශ්නයක් බන්....
Sinhala Rap: ලංකාවේ ඉන්න හොදම රැප කවුද?....
Minol: ලංකවේ ඉන්න හොඳම රැපර්ස්ලා ගොඩක් ඉන්නවා.... සමහර අය තාම ඉපදිලත් නෑ.... තව හොඳම රැපර්ස්ල ඉස්සරහට වෙන්නත් ඉන්නවා.... ඒත් Borna, Kalu Malli, E Root මම ආසම රැපර්ස්ලා....
Sinhala Rap: රැප් කරන එක නතර කරනවද?....
Minol: රැප් කරන එකටම ජීවිතේ කැප කරලා ඉන්න අමාරුයි.. මම හිතනවා එහෙම ඉන්න තිබුන නම් හොඳයි කියලා.....
Sinhala Rap: ඔයාට මේ තැනට උදවු කරපු අය ගැන මතක් කරොත්....
Minol: මට උදවු කරපු අය ගොඩක් ඉන්නවා.. Mainly.. Drill Team.. Asanka(drex), Borna, Kalu Malli.... මගෙ අම්ම, තාතතා.. යලුවෝ ඔක්කොම... අනික උබලගෙන් ලැබෙන කික් එකත් ලොකු සප් එකක්....
Sinhala Rap: ඉස්සරහාට කරන්න ඉන්න වැඩ මොනාද?
Minol: ඉස්සරහට තව ගොඩක් හොඳ වැඩ ටිකක් එන්න තියෙනවා.... බලාගෙන ඉන්න කියලා තමයි කියන්න ඕනී....
Sinhala Rap: අලුතෙන් රැප් කලාවට එන අයට මොනවද කියන්න තියෙන්නේ.......
Minol: ඒ ගොල්ලන්ට කියන්න තියෙන්නේ මේ ලොකේ කරන්න තියෙන එකම දේ රැප් කරන එකම විතරක් නෙමෙයි.. famous වෙන්න හිත ගන්න කලින් ජීවිතේ හදා ගන්න හිතන්න.....
Sinhala Rap: රැප් වලට බනින අයට මොනවද කියන්න තියෙන්නේ....
Minol:රැප් වලට බනින සමහරක් අයට සාදාරණ හේතු තියෙනවා... ඒ ගැන කතා කරන්න මම දන්නේ නෑ...
Sinhala Rap: අද සමාජෙ ගැන කියන තියෙන්නෙ මොනවද....
Minol: ඒ සමාජේ.... එහෙම එකක් තියනවද කියන එකත් ප්‍රශ්නයක්.... Facebook සමාජයක් නම් තියෙනවා නේ... හහා.... ඒ ගැන හිතන්නේ නම් නෑ බන්.. ඒත් කලු මල්ලි එක පාරක් කිව්වා.. අපි හැමොම මේ පද්දතියේ කොටසක්.... එක නිසා අපි කොහෙන්හරි ඒකට සම්බන්ද වෙනවා කියලා....
Sinhala Rap: ලංකාවේ දැන් තියෙන දේශපාලනය ගැන මොකද හිතන්නේ.... දේශපාලනයේ මේ වෙන දේවල් ගැන රැපක් කරන්න අදහසක් නැද්ද?...
Minol: අර ආදරේ ගැන සින්දු කරනවා වගේ දේශපාලනය ගැනත් ස්ටයිල් එකට ලියන එක මෝඩ ආතල් එකක්....
Sinhala Rap: අපි අලුතෙන් පටන් ගත්ත Sinhala Rap සයිට් එක ගැන මොකද හිතෙන්නේ....
Minol: අවුලක් නෑ.. එළ...
Sinhala Rap: එහෙනම් දිගටම රැප් කලාවේ ඉදිරියටම යන්න වගේම කරන වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා බොක්කෙන්ම සුභ පතනවා....
Minol: Thanks homiee...
ජය....
විශේෂ ස්තූතිය....
Kadz de Francisco