Young Nima Interviw By Sinhala Rap
Young Nima Interviw
Sinhala Rap: කොහොමද ජීවිතේ... මොනවද ඉතින් මේ දවස් වල වැඩ කටයුතු එහෙම....
Young Nima: වරදක් නෑ. මේ දවස් වල chill එකේම තමා.
Sinhala Rap: පාසල් ගියේ කොහෙද? පාසල් ජීවිතේ කොහොමද?....
Young Nima: පාසල් 3 කට විතර ගියා.උසස් පෙළ කලේ කදන්ගමුව නවෝද්‍යා මහ විද්‍යාලයේ... පාසල් කලේ ගොඩක් විනෝදයි... අමතක වෙන්නෙම නැති ජිවිතේ හොඳම කාලයක්....
Sinhala Rap: වැඩියෙන් ආස Nirmal කියනවටද Young Nima කියනවටද?...
Young Nima: ආසවක් නෑ කොහොම කතා කලත් එකයි.... ගොඩක් Use වෙන්නේ නිමා කියලා තමයි.....
Sinhala Rap: රැප් කලාවට සෙට් වෙන්න හිතුවෙ ඇයි...
Young Nima: දන්න කලේ ඉදන්ම රැපර් කෙනෙක් වෙන්න Dream එකක් තිබුනා තදටම....
Sinhala Rap: රැප් කරන්න පටන් අරන් කොච්චර කල්ද?
Young Nima: උසස් පෙළ ඉවර උනු ගමන් lyrics කලා.. .මුලින්ම මම lyrics writer කෙනෙක්. Jacanel සෙට් උනාට පස්සේ තමයි First Track එක කලේ.....
Sinhala Rap: රැකියාවක් වශයෙන්ද රැප් කරන්නේ.... නැත්තන් විනෝදාන්ශයක් හැටියටද?...
Young Nima: රැප් වලින් හම්බ කරන මිනිස්සුත් ඉන්නවා.... ඒත් මමත් Jacanel Family එකටත් සල්ලි අදාලම නෑ....
Sinhala Rap: ලංකාවේ රැප් කලාව ගැන මොකද හිතන්නේ....
Young Nima: රැප් කලාව දියුණු කරන්න නම් ඉන්න ටික දෙනා එකමුතු වෙන්න ඕනේ.... සල්ලි පස්සේ පන්නනවට වඩා රැප් කියන දේට ආදරෙන් වඩා කරන්න ඕනේ.....
Sinhala Rap: ගෙදර අයගෙන් යාලුවන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?....
Young Nima: උපරිමයි.... මගේ කියලා ඉන්න හැමකෙනෙක්ම උපරිමයෙන් උදව් කරනවා.... දැනට හැමෝගෙන්ම හොද... ගොඩක් හොද ප්‍රතිචාර තියෙනවා....
Sinhala Rap: ආදරේ ගැන මොකද හිතන්නේ
Young Nima: න්‍යශ්ටික අවියටත් වඩා ප්‍රවේශම් වෙන්න ඔනි දෙයක්....
Sinhala Rap: පෙම්වතියක් ඉන්නවද?...
Young Nima: එහෙම කරදරයක් තාම නෑ....
Sinhala Rap: ඒ උනාට ඉතින් තනිකඩවමද ඉන්න හදන්නේ
Young Nima: ගානක් නෑ... යාලුවෝ එක්ක ඉද්දි වෙනම ලෝකයක්.....
Sinhala Rap: ලංකාවේ ඉන්න හොදම රැප කවුද?....
Young Nima: හැම රැපර් කෙනෙක්ටම Respect කරනවා....
Sinhala Rap: රැප් කරන එක නතර කරනවද?....නැත්තන් දිගටම මේකෙන් ඉස්සරහට යනවද
Young Nima: නතර කරන්නේ නෑ.... නතර වෙයි මම නතර උනු දවසට.....
Sinhala Rap: ඔයාට මේ තැනට උදවු කරපු අය ගැන මතක් කරොත්....
Young Nima: මේකෙදි උදවු කල අය ගැන කියනවනම් මගේ ෆමිල්ය් එකේ නැදෑයෝ යාලුවෝ අමතක කරන්න බෑ... ඒ වගේම jacanel මගේ family එක Lil Shane, Durty Shen, Rosh හැමදාමත් සහොදරත්වයෙන් ගේම ගැහුව ගහනවා... කියන්නම ඕනී අපි Team එකක් නෙමේ එක පව්ලක්....
Sinhala Rap: ඉස්සරහාට කරන්න ඉන්න වැඩ මොනාද?
Young Nima:ඉසරහට ගොඩක් දේවල් තියෙනවා.. දැනට මගේ Solo එකක් කරලා තියනවා... තව කරලා ඉවර කලා...
1.ආරිය සිංහල
2.සිරස්තල
Track දෙක ලඟදිම Relese කරන්න තියෙනවා.....
Sinhala Rap: ඒ Track අපෙ සයිට් එකෙන් දාන්නත් දෙනවනේ නේද ?
Young Nima: අනිවාර්යෙන්ම...
Sinhala Rap: අලුතෙන් රැප් කලාවට එන අයට මොනවද කියන්න තියෙන්නේ.......
Young Nima: අලුතෙන් එන හැමෝටම කියන්නේ. මූල්‍ය (මුදල්) පරමාර්ථයෙන් තොරව හිඵොප් රප් වලට අවංකවම ආදරෙන් සහෝදරත්වයෙන් වැඩ කරන්න කියලා.....
Sinhala Rap: රැප් වලට බනින අයට මොනවද කියන්න තියෙන්නේ....
Young Nima: ඇත්තටම අනුකම්පාවක් හිතෙනවා පට්ට දුකයි මට.....
Sinhala Rap: අද සමාජෙ ගැන කියන තියෙන්නෙ මොනවද....
Young Nima: තරුණ පරම්පරාව දැන් රැප් වලට එකතු වෙනවා ගොඩක්....
Sinhala Rap:අපි අලුතෙන් පටන් ගත්ත Sinhala Rap සයිට් එක ගැන මොකද හිතෙන්නේ....
Young Nima: එළ වැඩක්... අපි ස්තූතිවන්ත වෙනවා වගේම අපෙන් ලැබෙන්න ඕනි Sup එක දෙනවා....
Sinhala Rap: එහෙනම් දිගටම රැප් කලාවේ ඉදිරියටම යන්න වගේම කරන වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා බොක්කෙන්ම සුභ පතනවා....
Young Nima: බොහොම ස්තූති. ඔයාලගේ වැඩ වලටත් සුභ පතනවා....